Showing posts with label සිංහල බෞද්ධ ඥානවිභාගය. Show all posts
Showing posts with label සිංහල බෞද්ධ ඥානවිභාගය. Show all posts

2020-03-17

ඉතිහාසකරණය, සිංහල බෞද්ධ ඥානවිභාගය හා අපේ ඉතිහාසය (විඩියෝ සහිතයි) - චන්දිම අඹන්වල

භූමි ප්‍රදේශයක ජනතාවගේ අතීතය ලිවීමේ සම්ප්‍රදාය "ඉතිහාසකරණය" යනුවෙන් දළ වශයෙන් හඳුනාගත හැකි වේ. ඉතිහාසකරණය සම්බන්ධයෙන් මේ වන විට ප්‍රචලිත වී ඇත්තේ සෑම විෂයක දී මෙන්ම බටහිර නිර්මාණය වූ දැනුම් පද්ධතියකි. දැනුම වනාහි සොයාගන්නක් හෝ සැඟ වී පවතින යථාර්ථයක් නොව මිනිසා විසින් නිර්මාණය කරන්නා වූ ප්‍රපංචයකි.

ඉතිහාස දැනුම ද වෙනත් දැනුම් පද්ධති මෙන් ම සංස්කෘතිය ඇතුළු වෙනත් සාධකවලට සාපේක‍ෂ බව නිර්මාණාත්මක සාපේක‍ෂතාවාදයෙන් පැහැදිලි කෙරේ. එ බැවින් ඉතිහාස දැනුම ද කිසිවිට සත්‍ය හෝ නිවැරදි වන්නක් නොව සංගතතාව නම් ලක‍ෂණය දරන්නක් විය යුත්තකි. අනෙක් අතට ජනසමාජය සතු ඉතිහාසය යනු, මානව සමාජයේ ජයග්‍රාහකයාගේ කතාවකි.

වර්තමාන සමහර විද්වතුන් විසින් පැහැදිලි කරන ආකාරයට ඉතිහාස දැනුම වනාහි හුදු වාස්තවික තත්ත්වයන් පැහැදිලි කරන්නක් නොව සාපේක‍ෂ වූවකි. අතීතයේ පටන් ලක්දිව ඉතිහාසය වාර්තා කිරීමේ සම්ප්‍රදායක් පැවති අතර එහි අරමුණු වුයේ නූතන ඉතිහාසඥයින් පෙන්වා දෙන ආකාරයට "අතීත කථනය" ද එ සේ නොමැති නම් වෙනත් විශේෂ ජාතික අරමුණක් ද යන්නත් අප විසින් විමසා බැලිය යුතු වේ.

වර්තමාන සමාජය වෙලාගත් ජනකාන්ත ඓතිහාසික වෘත්තාන්ත වශයෙන් පෙනී සිටින "රාවණා ප්‍රවාදය" හා "බුදුන් උපන් දේශය ලක්දිව" යනුවෙන් කියැවෙන ප්‍රවාද ජාතික නිර්මාණාත්මක සාපේක‍ෂතාවාදි ස්ථාවරයක සිට විමසා බැලීමට ද මේ සුදුසු ම කාලයයි.




අලුත්ම පළකිරීම - Latest Post

ලංකාවේ ප්‍රාග් බෞද්ධ ආගමික විශ්වාස*