2020-03-17

ඉතිහාසකරණය, සිංහල බෞද්ධ ඥානවිභාගය හා අපේ ඉතිහාසය (විඩියෝ සහිතයි) - චන්දිම අඹන්වල

භූමි ප්‍රදේශයක ජනතාවගේ අතීතය ලිවීමේ සම්ප්‍රදාය "ඉතිහාසකරණය" යනුවෙන් දළ වශයෙන් හඳුනාගත හැකි වේ. ඉතිහාසකරණය සම්බන්ධයෙන් මේ වන විට ප්‍රචලිත වී ඇත්තේ සෑම විෂයක දී මෙන්ම බටහිර නිර්මාණය වූ දැනුම් පද්ධතියකි. දැනුම වනාහි සොයාගන්නක් හෝ සැඟ වී පවතින යථාර්ථයක් නොව මිනිසා විසින් නිර්මාණය කරන්නා වූ ප්‍රපංචයකි.

ඉතිහාස දැනුම ද වෙනත් දැනුම් පද්ධති මෙන් ම සංස්කෘතිය ඇතුළු වෙනත් සාධකවලට සාපේක‍ෂ බව නිර්මාණාත්මක සාපේක‍ෂතාවාදයෙන් පැහැදිලි කෙරේ. එ බැවින් ඉතිහාස දැනුම ද කිසිවිට සත්‍ය හෝ නිවැරදි වන්නක් නොව සංගතතාව නම් ලක‍ෂණය දරන්නක් විය යුත්තකි. අනෙක් අතට ජනසමාජය සතු ඉතිහාසය යනු, මානව සමාජයේ ජයග්‍රාහකයාගේ කතාවකි.

වර්තමාන සමහර විද්වතුන් විසින් පැහැදිලි කරන ආකාරයට ඉතිහාස දැනුම වනාහි හුදු වාස්තවික තත්ත්වයන් පැහැදිලි කරන්නක් නොව සාපේක‍ෂ වූවකි. අතීතයේ පටන් ලක්දිව ඉතිහාසය වාර්තා කිරීමේ සම්ප්‍රදායක් පැවති අතර එහි අරමුණු වුයේ නූතන ඉතිහාසඥයින් පෙන්වා දෙන ආකාරයට "අතීත කථනය" ද එ සේ නොමැති නම් වෙනත් විශේෂ ජාතික අරමුණක් ද යන්නත් අප විසින් විමසා බැලිය යුතු වේ.

වර්තමාන සමාජය වෙලාගත් ජනකාන්ත ඓතිහාසික වෘත්තාන්ත වශයෙන් පෙනී සිටින "රාවණා ප්‍රවාදය" හා "බුදුන් උපන් දේශය ලක්දිව" යනුවෙන් කියැවෙන ප්‍රවාද ජාතික නිර්මාණාත්මක සාපේක‍ෂතාවාදි ස්ථාවරයක සිට විමසා බැලීමට ද මේ සුදුසු ම කාලයයි.




අපේ අරමුණ

මෙම බ්ලොග් අඩවිය ශ්‍රී ලංකාවේ ඉතිහාසය පිළිබඳව මෑත කාලයේදී ඉදිරිපත්ව ඇති විවිධ මතවාද විමර්ශනය කිරීම සඳහා ස්ථාපනය කළ බ්ලොග් අඩවියකි. එහිදී ඒ මතවාද සම්බන්ධව, විමර්ශනය කිරී‌මේදී අපි ශාස්ත්‍රීය වශයෙන් පිළිගත් සාධක සහිතව එය සිදු කිරීමට බලාපොරොත්තු ‌‌වෙමු.

මේ කාර්යය සඳහා ශාස්ත්‍රඥයන් හා පර්යේෂකයන් පිරිසක් දායක ‌වෙති. ‌මේ බ්ලොග් අඩවිය හා එහි පළ වන  සම්බන්ධව ඔබේ අදහස් අපගේ ithihasavimasuma@gmail.com විද්‍යුත් තැපැල් ලිපිනයට ‌හෝ අදාළ පළකිරීම් (posts) සඳහා වූ අදහස් දැක්වීම් (comments) ‌ලෙස ඉදිරිපත් කළ හැකිය. 

ඉතිහාස විමසුම
2020.03.17

අලුත්ම පළකිරීම - Latest Post

ලංකාවේ ප්‍රාග් බෞද්ධ ආගමික විශ්වාස*